colombotimes.lk
සිංහල | English

22 October 2024


පළාත් පාලන ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක්



ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාම යෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ මීට පෙර කැඳවා තිබූ නාම යෝජනා අනුව එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

මහනුවර පැවති මාධ්‍ය  සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශවයකට අධිකරණයේ පිහිට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

(colombotimes.lk)