27 December 2024


ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්



ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලෝක බැංකු සභාපති Ajay Banga ​අතර ඊයේ (27) පවත්වා තිබෙනවා.

ඒ මාර්ගගත ක්‍රමය ඔස්සේයි.

එහිදී නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳව Ajay Banga අදහස් දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහි එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)