27 December 2024


නවක මන්ත්‍රීවරු පිරිසක් මාදිවෙලින් නිවාස ඉල්ලයි



මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට අදාළ නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදු කරන බවයි.

එම මන්ත්‍රීවරුන්ට දෙසැම්බර් 03වනදා සිට අදාළ නිවාස ලබාදීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය නිවේදනය කළේ ආණ්ඩුව හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වල අනුපිළිවෙල මත මෙම නිවාස ලබාදීම සිදු කරන බවයි.

(colombotimes.lk)