වාද්දුව පොතුපිටිය ප්රදේශයේ පිහිටි නිවසක් අද (11) ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගිනි ගැනීමට ලක්වූ නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවයි.
එමෙන්ම ගින්න මැඩපැවැත්වීමට ප්රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය ප්රකාශ කළා.
මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)