27 December 2024


වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක්



ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ දෙරටේ ආයෝජකයන් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකික ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා වියට්නාම වෙළඳපොලේ ඇති අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමද එහිදී සිදුවූ බව ආයෝජන මණ්ඩලය සඳහන් කළා.

(colombotimes.lk)