colombotimes.lk
සිංහල | English

22 October 2024


ආරක්ෂාව ගැන මහින්දට දැනුම්දීමක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

නාමල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියේ පසුගිය යහපාලන සමයේ මෙන්ම මෙම රජයෙනුත් මෙලෙස ලිඛිත දැනුම්දීමක් සිදු කර ඇති බවත් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බවයි.

(colombotimes.lk)