26 December 2024


අදානි සුළං විදුලි ව්‍යාපෘතිය ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්



අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාවද පදනම් කර ගනිමින්.

අදාළ සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කමිටුව අංශ කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළා.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මඟින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484ක් බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා මේ වන විටත් අදානි සමාගම යම් ආයෝජනයක් කර ඇති බවද බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ කෙසේ වෙතත් අදාළ කමිටුවේ වාර්තාව සහ නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම් තීරණයක් ගන්නා බවයි.

(colombotimes.lk)