ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට හැකිවනු ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)