10 January 2025


ආනයනය සහ අපනයනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්



ආනයන සහ අපනයන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවෙන් සපයන බවයි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම තෝරාගත් රජයේ ආයතන කිහිපයක සිය සේවාව ඩිජිටල් සහ මාර්ගගත ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක කරවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)