ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගින්න තවත් උග්‍ර වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙක්ට දිවි අහිමි වූ බවයි.
එමෙන්ම පුද්ගලයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
පැලිසේඩ්, ඊටන්, හර්ස්ට් සහ වුඩ්ලි ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට ලැව් ගිනි තත්ත්වය පැතිරයමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් වැඩිම බලපෑමක් පැලිසේඩ් සහ ඊටන් ප්‍රදේශවලට බලපා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බවයි.
ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස මෙය හඳුන්වනවා.
හර්ස්ට්හී අක්කර 700ක් සහ වුඩ්ලිහී අක්කර 75ක් ද ලැව් ගින්නට හසුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට ගිනි නිවන භටයන් දහස් ගණනක් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් අධික වේගයකින් හමායන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී තිබෙනවා.
(colombotimes.lk)