10 January 2025


2025 වසරේ රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න



2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 31වනදා දක්වා කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම ලෙස රුපියල් බිලියන 4,616ක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් එම කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව මෙම වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම්වලින් වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටයි.

එම මුදල රුපියල් බිලියන 713ක්.

2025 වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 2,518ක්ද මූලධන වියදම ලෙස රුපියල් මිලියන 354ක්ද ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

පසුගිය වසරේදී පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 3,673ක් සහ මූලධන වියදම ලෙස රුපියල් මිලියන 528ක් ඇස්තමේන්තු ගත කර තිබූ බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)