10 January 2025


ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි



ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (9) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තවද අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුර ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

(colombotimes.lk)