16 July 2025

logo

ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇමරිකාව මුහුණ දෙයි



ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී ඇති වූ ලැව් ගින්න මේ වන විට හොලිවුඩ් කඳුකරයටත් ව්‍යාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර පාලනය කිරීමේ හැකියාවද ශුන්‍ය බවයි.

මෙම ලැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මඟින් ජලය හෙළීම සිදු කළද දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එය මුළුමනින්ම නිවා දැමීමට නොහැකි වී තිබෙනවා.

හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ගේ නිවහන් පිහිටි ප්‍රදේශවලින්ද ඔවුන්ට ඉවත්වන ලෙස ලොස් ඇන්ජලීස්හී ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

මෙම ලැව් ගින්නේ මූලික හානිවල ආර්ථික පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම ගිනි නිවන භටයන් 2,000ට ආසන්න සංඛ්‍යාවක් මෙම ලැව් ගිනි නිවීම සඳහා යොදවා තිබුණද එම සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)