colombotimes.lk
සිංහල | English

22 October 2024


ගංවතුර පහවයාමත් සමඟ මී උණ පැතිරයාමේ අවදානමක්



ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂ බීජය ශරීරගත විය හැකි බවයි.

එබැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරට බැසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය අමත්‍යාංශය සඳහන් කළේ මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුළ මී උණ රෝගීන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවයි.

(colombotimes.lk)