27 December 2024


වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක්



රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ගෑස් අලෙවි නියෝජිතයන් සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් නිකුත් කර නොමැති බවයි.

ඒ හේතුවෙන් සති කිහිපයක සිටම රට තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් නිර්මාණය වී තිබෙනවා.
 
පාරිභෝගිකයන් සහ වෙළෙඳුන්ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)