colombotimes.lk
සිංහල | English

22 October 2024


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායිහී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කළා.

එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරන පිටවීමේ සහතිකය ලබාදීමට කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති ශ්‍රී ලාංකිකයන් මේ මස 25වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පොදු සමා කාලය තුළ සහය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දැනුම්දී තිබෙනවා.

පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙසද දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයන් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)