01 July 2025

logo

සහල් පාලන මිල ගැන ජනපති කියූ කතාව



සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවති සාකච්ඡාවේදීයි.
 
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

වර්තමානයේ පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධවද මෙම සාකච්ඡාවේ අවධානයට ලක් වී තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවයි.

(colombotimes.lk)