colombotimes.lk
සිංහල | English

22 October 2024


පාස්පෝට් පෝලිමට සිදු වන දේ විජිත කියයි



පසුගිය රජය විසින් ඇති කරන ලද විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට මේ වන විට විසඳුම් ලබා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.  

ඔහු වැඩි දුරටත් කියා සිටියේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

එමෙන්ම මේ සතිය අවසන් වන විට ගමන් බලපත්‍ර පෝලිම් අවසන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

(colombotimes.lk)