colombotimes.lk
සිංහල | English

22 October 2024


ගම්මන්පිල හෙළි කළ පාස්කු ප්‍රහාර වාර්තාව ගැන සිරිල් ගාමිණී පියතුමන් කියූ දේ මෙන්න



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ. ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.                    

පියතුමා සඳහන් කළේ ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරිය වන ඒ. එම්. ජේ. ද අල්විස් යන අයව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීම හරහා ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවයි.

ඒ අනුව එවැනි අයෙකුගේ ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළා.    

(colombotimes.lk)