colombotimes.lk
සිංහල | English

22 October 2024


දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්



දිවයිනේ මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන් බෝ වීම සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ හේතුවෙන් දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කිරීමට නියමිත බවයි.   

ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කළා.

ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ පසුගිය දින 21ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1874ක් දිවයිනෙන් වාර්තා වූ බවයි.    

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 41,285 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)