දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)