colombotimes.lk
සිංහල | English

22 October 2024


ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්



ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි වාර්තා වන්නේ.

වත්තල, මා බෝල, ජා ඇල, කටුනායක - සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)