27 December 2024


පශ්චාත් මැතිවරණ සමයේත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්



පශ්චාත් මැතිවරණ සමයේද ජනතාවට සාමකාමීව කටයුතු කරන ලෙස පොලීසිය දැනුම්දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින 02ක් තුළ පුද්ගලයන් 581 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අපේක්ෂකයන් 18 දෙනෙක්ද ඒ අතර වන බවයි.

එමෙන්ම වාහන 147ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)