colombotimes.lk
සිංහල | English

22 October 2024


මිලියන 250ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටු වෙයි



රුපියල් මිලියන 250ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ (18) රාත්‍රියේ කටුනායකට ළඟා වූ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහුව පරීක්ෂා කිරීමේදී තේකොළ අඩංගු පැකට්වල සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 179ක තොගයක් සොයාගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බවයි.

(colombotimes.lk)