කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි අජිත් පී පෙරේරා පවසනවා.
ඔහු සඳහන් කළේ කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හෝ කථානායකවරයා විසින් පැහැදිලි කිරිමක් සිදු කළ යුතු බවයි.
එසේ නොකළහොත් විපක්ෂයේ මන්ත්රීවරුන් රැස්වී සාකච්ඡා කර කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්රි අජිත් පී පෙරේරා ප්රකාශ කළා.
(colombotimes.lk)