27 December 2024


වෛරස් උණ රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්



ජනතාව අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ අතරට ඇතුළත් බවයි.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ජනතාවට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)