මෙවර මහ මැතිවරණයෙන් 10 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්රදායන් පිළිබඳව දැනුවත්භාවයක් ලබාදීමට දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ලබන 25, 26 සහ 27 යන දිනවලදී එම වැඩමුළුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර නවක මන්ත්රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)