කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය ඇමරිකාව සමඟ ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබෙනවා.
ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි.
කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අදානි වරාය හා විශේෂ ආර්ථික කලාප සමාගම සඳහන් කළේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් අපේක්ෂා කළ ඇමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හැර දැමූ බවයි.
ඒ අනුව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යෙදවීමට නියමිතව තිබෙනවා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පිහිටවනු ලැබූ සමාගමේ බහුතර කොටස හිමිවී ඇත්තේ අදානි සමූහයටයි.
(colombotimes.lk)