අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එය විභාග මධ්‍යස්ථාන 2,312ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී පැවැත්වෙනවා.
මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනක් .
ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් ඇතුළත් වනවා.
(colombotimes.lk)