01 July 2025

logo

ඉදිරි මැතිවරණය ගැන එජාපය තීරණයක් ගනියි



එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ මීළඟ සියලු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට සාකච්ඡා කළ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වය සහ පක්ෂයේ ගමන්මග ශක්තිමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)