මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
ඒ ඊයේ (16) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
එහිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නියමිත කාලය අවසන් වූ පසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති බවත් ඒ අයුරින්ම වියදම් වාර්තා ලබානොදෙන මහ මැතිවරණයේ අපේක්ෂකයන්ටද එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)