01 July 2025

logo

10වන පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වනදා



දසවන පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වනදා පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත පැවරෙන බවයි වාර්තා වන්නේ.

පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමක් සිදු නොවන අතර රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීමට හැකියාව තිබෙනවා.

සෙංකෝලය සභා ගර්භයේ තැම්පත් කිරීමෙන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී පළමුව නව කථානායකවරයා තෝරා පත්කර ගන්නා අතර අනතුරුව කථානායකවරයාගේ දිවුරුම්දීම සිදු වනවා.

(colombotimes.lk)