01 July 2025

logo

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට



දසවන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වනදා දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර සඳහන් කළේ අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචිවීමේ හැකියාව පවතින බවයි.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අදාළ පක්ෂ වෙත දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම නාම ලේඛනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමටද නියමිතයි.

(colombotimes.lk)