22 November 2024


උතුරු කොරියාව සහ රුසියාව නව ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි



උතුරු කොරියාව රුසියාව සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුමට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ උතුරු කොරියානු නායක Kim Jong Un සහ රුසියානු ජනාධිපති Vladimir Putin එම ගිවිසුමට අත්සන් කිරීමෙන් අනතුරුවයි.

සන්නද්ධ ප්‍රහාරයකදී දෙපාර්ශවය එකිනෙකාගේ උපකාරයට පැමිණීම මෙම ගිවිසුමේ අරමුණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්‍රේනයට එරෙහි යුද්ධයට සහය දැක්වීම සඳහා උතුරු කොරියාව දස දහස් ගණනක් හමුදා භටයන් මේ වන විට රුසියාවට යවා තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)