12 May 2025


පුහුණු ගුවන්යානය කඩා වැටීම ගැන විශේෂ විමර්ශනයක් (VIDEO / PHOTOS)



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අද උදෑසන ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය තුළදී කඩා වැටීමෙන් එහි නියමුවා සහ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ගුවන් හමුදාව පැවසුවා. 

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ අද පෙරවරු 11.25 ට ගුවන් ගත වූ යානය පෙරවරු 11.27 ට කඩා වැටී ඇති අතර එහි සිටි නියමුවා සහ නිලධාරියා දෙදෙනාම මිය ගිය බවයි. 
 
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
(colombotimes.lk)
May be an image of 7 people, helicopter and text
May be an image of 8 people and motorcycle