27 December 2024


නගර රැසක අදත් වායු ගුණාත්මක දර්ශක අගය පහළට



පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් වායු ගුණ තත්ත්ව දර්ශකය අදත් (01) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන සහ සේවා අංශය පවසනවා.

ඒ අනුව ඊයේ (30) දිනයේ මෙන්ම අදත් (01) මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, රත්නපුරය, බදුල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ගාල්ල, පුත්තලම, මීගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශ ඊට ඇතුළත්.

(colombotimes.lk)