27 December 2024


දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළට



පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (30) වායු ගුණ තත්ත්ව දර්ශකය (SLAQl) 92 - 120ත් අතර අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
 
එම සංවිධානයේ පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළයා හැකි බව සඳහන්.  

ඒ අනුව අද දිනයේ වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය 108 - 116ත් අතර අගයක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය 112- 120ත් අතර අගයක් දක්වා ඉහළයා හැකි බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කුරුණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායු ගුණ තත්ත්ව දර්ශකය 100ට වඩා වැඩි අගයක් ගනු ලබනවා.

එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි.

පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාව පහතින්,




(colombotimes.lk)