colombotimes.lk
සිංහල | English

22 October 2024


බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන්යානයක් කටුනායකට



බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් සේවයක් වන විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.

ආරක්ෂක අංශය සඳහන් කළේ යානය මුම්බායි සිට පියාසර කරමින් තිබූ බවයි.
 
මේ වන විට ගුවන් මගීන් යානයෙන් ඉවත් කරමින් සිටින බව ආරක්ෂක අංශ පවසනවා.

මේ අතර විස්තාරා ගුවන් සමාගමට අයත් ලන්ඩන් බලා පියාසර කළ යානයක් ද බෝම්බ බියක් හේතුවෙන් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්සවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)