colombotimes.lk
සිංහල | English

14 October 2024


අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනයක් ප්‍රතික්ෂේප වෙයි



කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් විසින් කොළඹ මහාධිකරණයට යොමු කළ අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙම සිරදඬුවම නියම කළා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙස මෙම වගඋත්තරකරුවන් විසින් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)