ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේදී අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස අස්ථානගත වූ භාණ්ඩ මොනවාද යන්න සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලපුළි ලංකාතිලක මෙම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළා.
(colombotimes.lk)