colombotimes.lk
සිංහල | English

26 October 2024


ගුවන්තොටුපොළවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිවේදනයක්



ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඔක්තෝබර් 19 වනදා සිට 24 වනදා දක්වා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන සම්බන්ධයෙන්.

පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ විසතාරා ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් එම යානා වල සිටි මඟීන්ව සහ කාර්ය මණ්ඩල ආරක්ෂාකාරීව ඉවත්කර එම යානා පරික්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කළා.

එමඟින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් ඒ පිළිබඳව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම කණගාටුවට පත්වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.


(colombotimes.lk)