colombotimes.lk
සිංහල | English

26 October 2024


ජනපති මියන්මාර තානාපතිනිය හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක හා මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් අතර හමුවක් අද (25) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී මියන්මාර තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මියන්මාර තානාපතිනිය සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මියන්මාර රජය කැපවී කටයුතු කරන බවයි.

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මියන්මාර තානාපතිනිය පෙන්වා දී තිබෙනවා.


(colombotimes.lk)