colombotimes.lk
සිංහල | English

26 October 2024


ඥානසාර හිමියන්ගේ අභියාචනා පෙත්සමේ විභාගයට දින දෙයි



බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී ඇති සිව් වසරක සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේ දී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට දිනයක් නියම කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අධිකරණය නියෝග කර තිබෙන්නේ අදාළ අභියාචනය ලබන වසරේ අප්‍රේල් මස 03 වනදා විභාගයට ගැනීමටයි.


(colombotimes.lk)