colombotimes.lk
සිංහල | English

26 October 2024


දුම්රිය සේවකයන්ට නිදහස් අවසරපතක්



දුම්රිය සේවකයන්ට තම නිවස සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසරපතක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම අවසර පත්‍රය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ තත්ත්වයට ගෙන ඒමටත්, මේ තුළින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.


(colombotimes.lk)