colombotimes.lk
සිංහල | English

26 October 2024


දඹුල්ලේ සංචාරකයන් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්



දඹුල්ල හා ඒ අවට ප්‍රදේශවල සංචාරකයන් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මාතලේ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ සඳහන් කළේ අද (25) අලුයම සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

මෙලෙස ආරක්ෂාව තර කර ඇත්තේ දඹුල්ල රජමහා විහාරය, දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය මෙන්ම ඇරෑවුල, ඉනාමලුව ආදී සංචාරක හෝටල් පවතින ප්‍රදේශවලයි.

(colombotimes.lk)