colombotimes.lk
සිංහල | English

26 October 2024


සහල් මිල පිළිබඳ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස්



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (25) පෙරවරුවේ කෘෂිකර්ම, වෙළඳ අමාත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිළධාරීන් පිරිසක් හමුවී තිබෙනවා.

මෙහිදී සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී ජනපතිවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


(colombotimes.lk)