colombotimes.lk
සිංහල | English

22 October 2024


තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක්



තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෑත කාලයේ පුවත් ලිපි කිහිපයක ඉන්ධන යන වචනය වැරදි ලෙස අර්ථකථනය කිරීම වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම වෙනුවෙන් ඛනිජ තෙල් ඉන්ධන වර්ග 3ක් භාවිතා කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එහු වැඩිදුරටත් දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවති කළමනාකාරීත්ව යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලංසු මඟින් ඩීසල් මිලදී ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)