වී සඳහා රුපියල් 130ක අවම මිලක් අවශ්‍ය බව ජාතික සහල් කර්මාන්තකරුවන්ගේ සම්මේලනය පවසනවා.
ඔවුන් කියා සිටියේ අයහපත් කාලගුණය හේතුවෙන් වේලාගත නොහැකි වූ තෙත වී මිලදී ගැනීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.
කෙසේනමුත් මෙවර මහ කන්නයේ නාඩු වී අධික ලෙස වගා කර තිබෙන නිසා ඉදිරියේදී කීරි සම්බා සහල් හිඟයක් ඇති වීම වළක්වා ගත නොහැකි බව හිටපු කෘෂි අධ්යක්ෂ කේ.බී. ගුණරත්න ප්‍රකාශ කළා.
(colombotimes.lk)