colombotimes.lk
සිංහල | English

07 May 2024

රිය අනතුරකින් යුද හමුදා සෙබළෙක් මරුට, 09ක් රෝහලට



මාන්කුලම් වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් සෙබළෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මිය ගොස් ඇත්තේ ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හමුදා සෙබළෙක්.
(colombotimes.lk)