colombotimes.lk
සිංහල | English

19 May 2024

වසර පහකට පසු චන්ද්‍රිකා යළි මහ ගෙදරට



වසර පහකට පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කොළඹ ටී. බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණියා.

ඇයගේ පැමිණීමත් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද එම ස්ථානයට එක් වුණා.

එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

(colombotimes.lk)